බුද්ධකාලීන තීර්තකයන්ගේ රෑපවාහිනී ආගමනය – යථාරෑප

බුද්ධකාලීන තීර්තකයන්ගේ රෑපවාහිනී ආගමනය – යථාරෑප

කාලයක සිට මිත්‍යාදෘෂ්ඨික මත ව්‍යාප්ත කරනු පිණිස නොයෙකුත් මාධය ආයතන නිෂ්පාදක වරු නිවේදක වරු සහ වක්‍රව නොයෙකුත් ශාස්ත්‍රවේදීන් කටයුතු කරන බවක් දකින්නට විය. ඒ පිටුපස සිටින්නේ හේතුවාදීන් යැයි හදුන්වන සමාජයේ 0.05% පමණවත් නැති මිත්‍යා දෘෂ්ඨීන් තුල බැස ගත් පිරිසකි. එමෙන්ම ආගම අබිං යැයි පවසන සමාජවාදී මාක්ස්වාදී පිරිසකි. ඔවුන්ගේ මූලික උපාය වන්නේ තමන්ට හසුරුවාගත හැකි ඉන්දික තොටවත්ත වැනි ප්‍රසිද්ධියට පත් ශාසත්‍රවේදීන් සමග සම අසුන්වල තබා රටේ ආගමික සංස්කෘතික හැඩතලයට අනුගත අය සමග සංවාද කිරීමෙන් තම මතය පොදු මතයට සමාන තලයකට ගැනීමයි. ඉන් අනතුරුව මනෝ ලෝක තුල වෙසෙන උන්මත්තක පිරිසක් සංවාද වලට කැදවමින් ඔවුන්ව ඉතා පහසුවෙන් හෑල්ලුවට ලක් කරමින් සැබෑවටම ඒ ඒ ශාස්ත්‍ර නිවැරදිව කරන අයට සහ එම ශාස්ත්‍ර හෑල්ලු වන ආකාරයට නිගරු කිරීම ඔවුන්ගේ උපායයි.
ගල්මංගොඩ මහතා සරත් චන්ද්‍ර මහතා චන්න ජයසුමන මහතා වැනි නම නොකී සැබෑ නැණවතුන්ට ඉදහිට වැඩසටහන් වලට සම්බන්ධ වූවද එය එම පරමත දුරු කිරීමට ප්‍රමාණවත් නැත.

පළමුවෙන් මිත්‍යා දෘස්ඨිය බුද්ධ දේශනාවට අදාලව කෙබදුදැයි බලමු.

පින් පවු කියා දෙයක් නැත. පින් පවු වලින් ඵලවිපාකයක් නැත. අපාය දිව්‍ය ලෝක භ්‍රහ්ම ලෝක කියා තැන් නැත. නිවන කියා දෙයක් නැත. යන දෑ වරදවා පිළිගැනීම මිත්‍යා දෘෂ්ඨියයි. මිත්‍යා දෘෂ්ඨීන් විශාල ප්‍රමාණයක් තිබුනද එයින් පහත සදහන් දෘස්ඨීන් 3 ප්‍රමුඛ වේ.

  1.  නාස්තික දෘෂ්ඨිය (අජිත නම් තීර්තකයාගේ මිත්‍යා දෘෂ්ඨිය)
  2. අහේතුක දෘෂ්ඨිය (මක්ඛලී ගෝසාල නම් තීර්තකයාගේ මිත්‍යා දෘෂ්ඨිය)
  3. අක්‍රීය දෘෂ්ඨිය (පූර්ණ කාශ්‍යප නම් තීර්තකයාගේ මිත්‍යා දෘෂ්ඨිය)‍

01. නාස්තික දෘෂ්ඨිය (අජිත නම් තීර්තකයාගේ මිත්‍යා දෘෂ්ඨිය)

දන් දීමෙන් පලක් නැත, පූජා කිරීමෙන් පලක් නැත, පුද පඩුරු යැවීමෙන් පලක් නැත, පින් පවු වලට ඵලයක් විපාකයක් නැත, පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත, මෙලොව වසන්නවුන්ගේ පරලොව යාමක් නැත, මවට පියාට පරන හොද නරක වල ඵලවිපාක නැත, මරනින් මතු උපදින සත්වයෙක් නැත, මෙලොව පරලොව දෙක ප්‍රත්‍යක්ෂ ලෙස දැන ප්‍රකාශ කරන්නාවූ බුදු වරයෙක්, ශ්‍රමණයෙක්, භ්රාහ්මණයෙක් නැත, දානය මෝඩයන් විසින් පනවන ලද්දකි, සියල්ලෝ මරණින් සිදෙන්නාහ මතු නූපදින්නාහ යැයි ප්‍රකාශකල අජිත නම් තීර්තකයාගේ මිත්‍යා දෘෂ්ඨිය නාස්තික දෘෂ්ඨියයි.

02. අහේතුක දෘෂ්ඨිය (මක්ඛලී ගෝසාල නම් තීර්තකයාගේ මිත්‍යා දෘෂ්ඨිය)

සත්වයන්ගේ විශුද්ධියට හේතුවක් ප්‍රත්‍යක් නැත, හේතුවක් ප්‍රත්‍යක් නැතුවම සත්වයින් ශුද්ධ වන්නාහ, දානපූජා පිංකමක බලයෙන් හෝ තපස් කිරීමක බලයෙන් හෝ දිව්‍ය ලෝකාදියෙහි ඉපිද විශේෂ සැපයක් ලබා ගත නොහැක. පිං කරන්නා වූද නොකරන්නා වූද පණෟඩිත වූද අපණ්ඩිත වූද සියල්ලෝම සූවාසූදහසක් කල්පයන් මුළුල්ලෙහි සසර සැරිසරා දුක් කෙලවර කරන්නාහ යැයි ප්‍රකාශ කල මක්ඛලී ගෝසාල නම් තීර්තකයාගේ මිත්‍යා දෘෂ්ඨිය අහේතුක දෘෂ්ඨියි.

03.අක්‍රීය දෘෂ්ඨිය (පූර්ණ කාශ්‍යප නම් තීර්තකයාගේ මිත්‍යා දෘෂ්ඨිය)

තමා විසින්ම පවු කරන්නා හටත් අනුන් ලවා පවු කරවන්නා හටත් අත් වන පාපයක් නැත, දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්‍රීය දමණයෙන් තපස් කිරීමෙන් වන්නාවූ පිනක් නැත යැයි ප්‍රකාශ කල පූර්ණ කාශ්‍යප නම් තීර්තකයාගේ මිත්‍යා දෘෂ්ඨිය අක්‍රීය දෘෂ්ඨියයි.

සරලව ගත හොත් පව-පින, මෙලොව-පරලොව නොපිළිගන්නා මොවුන් සමග සංවාද කිරීමට කාලය වැය කිරීම පවා නිශ්ඵලය. නමුත් රටේ අදූරදර්ශී ප්‍රචාරණ කාමයෙන් යුතු ශාස්ත්‍රවේදීන් යැයි පවසන ඇතැමුන් විසින් මිත්‍යා දෘෂ්ඨික රොඩු ගොඩකට අයිසින් වත්කර හමාරය.

මිත්‍යා දෘෂ්ඨියේ විපාක 

කර්මය සහ කර්ම ඵලය දෙක ප්‍රතික්ෂේප කරන්නාවූ නාස්තිකය අහේතුකය අර්‍කීයය යන දෘෂෟඨි තුන අතරින් කවර හෝ දෘෂෟඨියක් හෝ ගත් තැනැත්තා හට එය නොහැර මරණින් මතු සුගතියට පැමිණිය නොහැක. නිවනටද නොපැමිණිය හැකිය. ඒ දෘෂ්ඨීහු සත්වයන් ස්වර්ග මෝක්ෂයෙන් ආවරණය කරන්නෝය. ඒ දෘෂ්ඨි 3 අතරින් කවරක් හෝ ගෙන සිටින තැනැත්තා මරණය දක්වා එය නොහැර සිටියේ නම් ඒකාන්තයෙන් අපායට පැමිණෙන්නේය. එබැවින් ඒවාට නියත මිත්‍යා දෘෂ්ඨිය යැයි කියනු ලැබේ. මිථ්‍යා දෘෂ්ටියට පත් තැනැත්තා එ් නිසා තවත් බොහෝ පවු රැස් කරන්නේය. ඒවාද එකතු වී මිත්‍යා දෘෂ්ඨිය විපාක දෙන කල්හි ආනන්තර්‍ය්‍ය කර්මයන්ට වඩා බලවත්ව විපාක ගෙන දේ. ආනන්කර්‍යය කරම කලවුන් කල්පාවසානයේ නරකයෙන් මිදෙන මුත් නියත මිත්‍යා දෘෂ්ඨිය ගතවූවන් තමන් සිටින ලෝක ධාතුව විනාශ වන කල්හි අන් ලෝක ධාතුවක නරකයට පැමිණ එහි විපාක විදින අතර විපාක අවසානයක් නැති බන බුද්ධ දේශනාවේ සදහන්ය.

යථාරෑප 

යාථාරෑප නමින් ජාතික නාලිකාව කරන්නේ 2001-2002 එකල එජාප පාලන සමයේ රෑපවාහිනියේ පිරිත් විකාශය පවා නැවැත් වූ ඇවැත යළිත් වෙනත් අයුරකින් සිදු කිරීමයි. නිර්ආගමික රාජ්‍යක් වෙනුවෙන් ජාතික නාලිකාව රටේ ජන මතය ජන විඥාණය කෙලෙසමින් සිටී. ජාතියක් සෑදෙන්නේ මූලිකවම ඒ ජාතියට අනන්‍යයවූ සංස්කෘතියක් සමගය. ඒ ජාතියේ සංස්කෘතිය ජාතියෙන් වෙන් කල විට සංස්කෘතිය ආගමෙන් වෙන් කල විට සිදුවන්නේ එම ජාතියේ ආගමේ විනාශයයි. යාථාරෑප කරුවන් තව නොබෝ දිනකින් පොහොය දිනය තේරුමක් නැති බව පවසා ‍පොහොය රජයේ නිවාඩු දිනයක් කිරීම වලකාලන ලෙස ඉල්ලනු ඇත. එතෙක් රටේ ජන මනස විකෘති කරන තුරු බලා සිටින ඔබ අප සියල්ල ඊට වගකිව යුත්තෝ වෙති. සිංහල ජාතිය සුවිශේෂ වන්නේ අන් කිසිවක් නිසා නොව සිංහලයා සතු වූ ඒ මහා සංස්කෘතිය නිසාය. උදාහරණයක් වශයෙන් ගතහොත් නැකතට වැඩ කිරීම සිංහලයා උරුම සංස්කෘතික අංගයකි. බටහිර මනසින් හිතන ඇත්තන්ට නැකත තුල ඇති විශිෂ්ඨත්වය නොපෙනෙන්නේ බටහිර ජාතිය තවමත් ඉතා නොමේරෑ ශිෂ්ඨාචාරගත වීමක පසුවන නිසාය. යම් ජීවියෙකු තමන්ගේ ශුභ කාරියක් ඇරඹීමට ශුම වේලාවත් තේරීම එම ජන වර්ගයේ එම ශිෂ්ඨාචාරය අද්විතීය අවස්ථාවක් නොවන්නේ කෙසේද? මානව විද්‍යාඥයින් මීට පිළිතුරු දිය යුතුය.  බටහිර ජාතීන් එතනට එන්නට ඔවුන් තව වසර සිය ගණනක් වත් මේරිය යුතුය. ඔවුන්ගේ නොදියුණු කම අපේ කමට සම කිරීමට ගොස් අපේ දෑ නොවටින්නේ යැයි සිතන්නෝ මෝඩයෝ නොවන්නේද?

තස්මා අකත කල්‍යාණං – ආසිවිස මිචෝරගං
ආරකා පිරිවජ්ජෙය්‍ය – භූති කාමෝ විදක්ඛණො

කරන ලද පින් නැත්තාවූ මිත්‍යා දෘෂ්ඨික පුද්ගලයා ඝෝර විශ ඇති සර්පයෙකු සේ සලකා දෙලොව වැඩ කැමති නුවණැතියන් විසින් ඔහුගෙන් දුරු විය යුතුය යන්න බුද්ධ දේශණාවයි.

සමීර චන්ද්‍රසිරි
www.helabimaAstro.com