ඉන්දියානු මැදිහත්වීම මත සිදු කරගෙන යන පුරාවිද්‍යා උරුමයන් වැනසීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

පසුගිය ආසන්නතම දිනක වැලිමඩ දිවුරුම්පොල රාජමහා විහාරයේ ඉපැරණි බෝධින් වහන්සේ කපා ලී ඉරූ බව කියමින් එම විහාරයේ විහාරාධිපති හිමියන් සහ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පුවත් මගින් දුටිමි. මෙම විහාරය සහ බෝධිය වනාහි රාවන-රාම යුද්ධයෙන් පසු සීතා දේවිය විසින් ගිණි සිසිල දැක්වූ ස්ථානය බවට පිළිගැනෙන පුරාවිද්‍යා වටිනා කමකින් යුතු ස්ථානයකි.

මම මීට වසර 5කට පමණ පෙර මෙම ස්ථානය පරීක්ෂා කිරීමට ගියේ ඉන්දියාවේ කුමන්ත‍්‍රණයක් මත මෙම ස්ථානයේ රාම දෙවොලක් තැනීමේ කටයුතු අරඹා ඇති බවට ලද තොරතුරු නිසාය. එම අවස්ථාවේ මා විසින් ගත් ඡුායාරූප මේ සමග අමුණා ඇත. මා මෙම කරුණු පෙලගස්වනුයේ බෝධිය කපාදැමීම පවා විහාරාධිපති හිමියන්ගේ අවශ්‍යතාවය මත පමණක් සිදු නොවනු බව සහ ඊට ඉන්දියාවේ බලපෑමක් පවතින බව අනාවරණය කිරීම සඳහාය.

පරයින්ට ගැතිකම් කරන ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ඇතැම් පාලකයන්, බලධාරීන් පිළිගැනීමට අසතුටු රාවන සමයටත් එපිටට දිවෙන ලංකා ඉතිහාසය ඉන්දියාව සිය හිස් මුදුනින් පිළිගනී. එපමණක් නොව වසරක් පාසා රාවන රජුගේ, කුම්භකරණ සෙනෙවිගේ සහ ඉන්ද්‍රජිත් කුමරුගේ විශාල ප‍්‍රතිමා සකසා ගම් පිටින් එක්ව ගිණිලා වනසන්නේ වේදයේ ඇති නියමයක් සත්‍යවේයැයි ඇති බිය නිසාය. එබැවින් ලංකා රාජ්‍ය තුල ජනිත ස්වභාවික ශක්තීන් අඩපණ කිරීමෙහි ලා මොවුන් විසින් මහත් වූ වෙර වෑයමක් දරණ බව පැහැදිළිය. ඒ සඳහා මොවුන්ගේ නවතම උපාය නම් ශී‍්‍ර රාවන ඉතිහාසයට අදාල තැන් සොයමින් ඒ ආසන්නයේ රාම/සීතා/හනුමන් ආදීන්ට දේවාල කරවීමය. මේ සඳහා ඉන්දියාවේ වෙසෙන බලගතු ආධ්‍යාත්මවේදීන් සිය බලපෑම ඉන්දියානු දේශපාලකයින් හරහා එල්ල කරයි. ලංකා වාසීන් හනුමන්තාගේ බලය අල්ලා අංජනමට ගෙන්වා වැඩ ගත්තද හනුමාන් වෙනුවෙන් දෙවොල් සෑදුවේ නැත. නමුත් තොණ්ඩමාන් අමාත්‍යවරයාගේ සහයෙන් ඉන්දියානු මැදිහත්වීමෙන් ලංකාවේ කිසිඳු දේවාලයක නැති තරම් විශාල පිලිමයක් සහිත දෙවොලක් හනුමාන් වෙනුවෙන් රම්බොඩ ප‍්‍රදේශයේ ඉදිකර ඇත.

මෙය පැහැදිළි ලෙසම ඉන්දියානු බලහත්කාරකමකි. ලංකාවේ සිටින්නේ අඥාණයන් බව මනාව ප‍්‍රකට කිරීමකි. එමෙන්ම මෙය ඉන්දියානු ව්‍යාප්තවාදයේ කුමන්ත‍්‍රණයකි. එබැවින් මෙම වෑයම පැරදවීමට නිද්‍රෝපගත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිහියක් නොතිබුනද මෙය පැහැදිළිවම ජාතික ආරක්ෂාවට තර්ජනයකි. ප‍්‍රභාකරන් පැරදවීමෙහිලා කෙතරම් ගුප්ත ශාස්ත‍්‍ර වල දායකත්වයක් සහ බෝධිපූජාවන් වැනි කටයුතු වලින් රටේ ආධ්‍යාත්මය බලවත් කිරීමක් සිදු කලාද නැද්ද යන්න ආරක්ෂක අංශ හොඳාකාරවම දනී. රාම පරපුරේ ලේ ඥාතීත්වයක් ඇති ජය ලලිතා ජය රාම් ලංකාවට සැහැසිකම් කරන්නේ වැරදීමකින් නොවන බව දත යුතුය. ඉන්දියාවේ බලපෑමේන් ලංකා රාජ්‍යයේ මහා රාජ්‍යයන් අවස්ථා කිහිපයකදීම වනසා ඇත. මහා බලි රජුගේ මහා බලි පුරය, තාරක අසුරේන්ද්‍රයාගේ තාරක පුරය/ ලංකාධිපති සක්විති දසිස් රාවනයන්ගේ ලංකාපුරය වැනසූ ඉන්දියාව සාංසාරිකව ලංකාව වැනසීමේ වෛරයක් පිරිමසමින් සිටින බව අවබෝධ කර ගැනීම ආරක්ෂක අංශ සතු පරම වගකීමකි. එම වගකීම තේරුම්ගෙන කටයුතු කිරීමට ආරක්ෂක අංශ වලට බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් වූ ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් තිස්තුන් කෝටියක් වූ සම්‍යක් දෘෂ්ඨික දේව සමූහයේ රැකවරණයත් ලැබේවා !

සමීර කසුන් චන්ද්‍රසිරි
2016.05.03

මෙම ලිපිය ඉහත සියළු අය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කර ඇති අතර කුවිතාංසියේ පිටපත අමුණා ඇත.

Diwrumpola 1