ශනි මාරුව (2017) ඔබට රටට කොහොමද?

නමෝ බුද්ධාය!

සෙනසුරු මාරුව පිළිබඳ “හෙළබිම” අනාවරණය

ග‍්‍රහ මණ්ලයේ මෙහෙකරු දුකට අධිපති ශනි ග‍්‍රහයා පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත. ඒ තරමටම බාල මහළු කවුරුත් එක සේ දන්නා සෙනසුරු සෑම අයෙකුගේම ජිවිතයේ අතිශය වැදගත් කොටසක් උසුලනු ලබයි. බොහෝ අය සෙනසුරු යනු යමක් නැති කර දමන විනාශ කරන අශුභ ග‍්‍රහයෙකු ලෙස සැලකුව ද වාසනාවන්ත ශුභ යැයි සැලකෙන ග‍්‍රහයින්ට වඩා සෙනසුරු අත් කර දෙන දැ බොහෝය.

සරල උදාහරණයක් පැවසුවහොත් පසුගිය දිනවල ගම්පොල පොලිසිය සමග රථ වාහන වරදක් සම්බන්ධයෙන් අධිකරණයේ තනිවම නඩු කියා ජය ගත් 6 වසරට පමණක් පාසල් ගිය ගම්පොල ඇත්ගාලේ පදිංචි නුවන් තුසිත කුමාර යන අයගේ ජන්ම පත‍්‍රය අනුව ඔහු පසුගිය වසර 2 1/2 පමණ කාලයක් සෙනසුරු අශ්ඨම ඒරාෂ්ඨකයක් ගත කර ඇත. ඒ කාලය තුළ ඔහුගේ රැුකියාව අහිමි විම, සිරගත වීම මෙන්ම සහයට කිසිවෙක් නැතුව තනිවම උසාවිය තුළ තමන් වෙනුවෙන් පෙනි සිටිමට සිදුවීම වැනි අහිතකර තත්වයන්ට මුහුණ දෙන්නට සිදුවුව ද 2017.01.26 ශනි මාරුව සිදු වන විට ඔහු නඩුව වෙනුවෙන් නිදොස් කොට නිදහස් වුවා පමණක් නොව ලංකාව පුරා ප‍්‍රසිද්ධියට පත් වුයේ සමස්ත ජනතාවට අගනා පුර්වාදර්ශයක් සපයිමිනි. මේ සෙනසුරුගේ හොඳ නරක දෙක මනාව පිළිබිඹු වන අවස්ථාවකි.

සෙනසුරුගේ බලපැමට ලක් වු අය සෙනසුරු විසින් ඒත්තු ගැන්වීමට එන පාඩම් නොවටහා ගෙන උඩින් යන්නට හදන අයට නම් සෙනසුුරු සැබෑවටම පාප ග‍්‍රහයෙකි. නමුත් සෙනසුරු මහා දශා, අතුරු දශා ඒරාශ්ඨක ගත කරන අය සෙනසුරු ග‍්‍රහ තම උගන්වන්නට යන දුක මෙනෙහි කරමින් දුකට පත් වුවන්ට පිහිට වෙමින් සෙනසුරුට අදාල පිලිවෙත් පුරන්නේ නම් සෙනසුරු තරම් කෙනෙකුව ස්ථාවර කරන අන් ග‍්‍රහයෙක් නැති තරම්ය. සෙනසුරු කෙරෙහි ඇති අනියත බිය තුරන් කර ගැනිමත් දුක නැමති සත්‍ය අවබෝධ කර ගනිමින් කටයුතු කිරිමත් සෙනසුරුගේ බලපැම යහපත් එකක් කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

2014.11.02 සිට 2017.01.26 සෙනසුරු ගමන් කරේ තමන්ට සතුරු රාශියක් වන වෘශ්චිකයේය. සෙනසුරු විසින් මහජනයා නියෝජනය කරනු ලබයි. එසේ නම් 2014.11.12 සිට සෙනසුරු විසින් මහජනයා දුර්ලව තත්වයට පත් කර තිබු බවට සාක්‍ෂි ඉදිරියේ දි ඔප්පු සිද්ධ වනු ඇත. ඒ මෙතෙක් පීඩිතවව සිටි ජනයා අයුක්තියට අසාධාරණයට එරෙහිව සැබැ ජන හිතකාමි අරමුණුවලින් ඉදිරියට ගනු ලබන මහජන සටන් මහජනයාට ඉතා වාසි සහගත ලෙසත්් යුක්ති සහගත ලෙසත් ජයග‍්‍රහණය කිරිමෙනි. මහජන හිතශිලි ව්‍යාජ සළු පිළිවලන් වැසුණු දේශපාලකයින් පුද්ගලයින්ගේ නිරුවත හෙළිවනවා මෙන්ම පුජ්‍ය පුජක ගුරු භවතුන් ආදි කොට ඇත්තන්ගේ දුශ්ශිල ව්‍යාජ ගති හෙලිවන්නා වු එවැන්නන් පරාජය වන්නාවු යුගයක් ආරම්භ කොට ඇති බවට හෙළබිම ජෝතිෂ්‍ය සේවය සපථ කර සිටි.

එමෙන්ම සෙනසුරුගේ මහ දශා අතුරු දශා ගත කරමින් සිටි අයට මේ සෙනසුරු මාරුව පෙර පැවති තත්වයට වඩා යහපත් එකක් වන බව කිව යුතුය. එමෙන්ම ජනවාරි 26 පසුවී ටික දිනක් ගතව ඇති නිසා තම තමන්ගේ ලග්න වලට අදාලව මෙම බලපෑම් කි‍්‍රයාත්මක වනවාද නැද්ද යන්න පහසුවෙන් බලාගත හැක.

2017 ජුනි 20 සිට 2017 ඔක්තෝම්බර් 26 දක්වා සෙනසුරු නැවතත් තවත් පෙර සිටි වෘශ්චික රාශියේ ගමන් කරන බැවින් එම කාලය නැවතත් සෙනසුරු දුර්ලව තත්වයකින් පසුවන නිසා මෙම පලාපල එකලට වලංගු නැති අතර 2017 ඔක්තෝම්බර් 26 න් පසු 2020 ජනවාරි 24 දක්වා මෙම පලාපල එලෙසම වනු ඇත. නොඑසේනම් 2017.01.26 සිට 2017.06.20 දක්වාත් 2017.10.26 සිට 2020.01.26 දක්වාත් ශනි ග‍්‍රහ තෙම ධනු රාශිගතව ගමන් ගන්නා බැවින් මෙම පලාපල එලෙසම වනු ඇත.

මේෂ

පසුගිය වසර 2 1/2 පුරාවට ඒරාශ්ඨක තත්වය් සිටි මේෂ ලග්න හිමියන්ට මෙම සෙනසුරු මාරුව ඉතා වාසි සහගත ග‍්‍රහ මාරුවකි. තම කාලත‍්‍රයාගේ සොහෝදරාදින්ගෙන් වඩා ඇගලූම්කමක් මෙන්ම සහනයක් ලැබෙන කාලයකි. වඩා යුක්ති සහගත ලෙස ඉදිරියට යාමෙන් වඩා ධනවත් විය හැකි කාලයකි. ආගමට ධර්මයට වැඩි වශයෙන් යොමු වන කාලයකි. තමා කරන කියන යහපත් කටයුතුවලින් නොසිතු ප‍්‍රසිද්ධියක් පිළිගැනිමක් ඇති වේ. පියාට ඇති ඇල්ම වැඩිවන කාලයකි. පරෝපාකාරි කටයුතුවල නියැලේ. 2017 ජුනි 26 සිට ඔක්තෝම්බර් 26 දක්වා නැවතත් සෙනසුරුගේ පැවති ඒරාශ්ඨකය කි‍්‍රයාත්මක වන බැවින් ඒ කාලයේ දි මතු දැක්වෙන පුද පුජාවන්ගේ නිරත වන්න.

වෘෂභ

වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු මාරුවත් සමග අෂ්ඨුම ඒරාශ්ඨකයක් ඇරඹෙන බැවින් තමාට පිඩා අවහිරතා මැද උපක‍්‍රමිකව මෙන්ම අලස නොවි කටයුතු කල යුතු කාලයක් එළඹි ඇත. තමන්ගේ රැකියාවට කර්මාන්තයට සහාය වුවත් තමන් හැර යන අමනාප වන නොඑසේ නම් තමාගේ කටයුතු හැකිතාක් තමා විසින්ම කර ගෙන යාමට සිදුවන කාලයකි. විවාහ අපේක්ෂකයන්ට විවාහය සම්බන්ධයෙන් තිබු පිඩාකාරි තත්වයන් පහව යනු ඇත. කාලත‍්‍රයා සමග පෙරට වඩා සුහදව කටයුතු කර ගෙන යා හැක. රැුකියාව නිසා තම ශරිරයේ පැවැත්ම ගැන තැකිමට ඉඩකඩ අඩු වුව ද ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. වැඩිහිටියෙකු හෝ පියා සතු දේපලක් ලාභයයක්, ලැබිමට ඉඩ ඇත. පියා ජිවතුන් අතර සිටි නම් ඔහුගේ ජන්ම පත‍්‍රය පරික්ෂා කිරිම වටි. තමාගේ අදහස් ගැටලූ අන් අයට නොපවසා සගවාගෙන සිටිමට කටයුතු යෙදේ. එම නිසා සුදුසු අය සමග තමන්ගේ ගැටලූ අදහස් සාකච්ඡුා කරන්න. මතු දැක්වෙන පුජාවන්ගේ නිරත වන්න.

මිථුන

මිථුන ලග්නය හිමියන්ට සොනසුරු මාරුව මෙතෙක් සතුරු කරදර ඊර්ශ්‍යාකම් නිසා කරගෙන යාමට අපොහොසත් වු කටයුතු සාක්ෂාත් කර ගැනිමට හැකිවන කාලයකි. බලාපොරොත්තු නොවු අන්දමින් විවාහයකට යොමු විමේන් හෝ විවාහා සම්බන්ධයෙන් අසහානකාරි තත්වයන් වර්ධනය විය හැකිි බැවින් ඉවසිලිමත් විය යුතුය. කලාත‍්‍රයාගේ දේපල සම්බන්ධයෙන් කටයුතුවල දි පාඩු විය හැකි බැවින් එවැනි දේපල රැුක ගැනිමට කටයුතු කළ යුතුය. ප‍්‍රසිද්ධිය තමා කෙරෙහිත් දුරස්ථාන කාලයක් වුව ද ධාර්මික යුක්ති සම්පන්න කටයුතුවලින් ප‍්‍රසිද්ධිය පවත්වා ගත හැකිය. තමාට අප‍්‍රකටව සිටිමට සිත්වන කාලයකි. විවාහ අපේක්ෂිත කාන්තාවන් තමාට වඩා වයසින් වැඩි අය සමග විවාහය සිදු විමට ඉඩ ඇත. හිග පාඩුකම් මධ්‍යයේ වුව ද බලවතුන් සමග ඉදිරියට යා හැකිය.

කටක

කටක ලග්නය හිමි අය තම මාමාවරුන් සමග හිතවත් වන කාලයකි. තමන්ට සතුරන් ඇති විමත් එය මැඞීමත් සිදු වන කාලයකි. තමා සතුරන්ගෙන් ඈත්වී කටයුතු කිරීම ප‍්‍රඥා ගෝචරය. බඩ පිපුම, ආමාශ ගත රෝග වැනි තත්වයන් ඇති විය හැකිය. ශරිර සෞඛ්‍ය කෙරෙහි සිත යොමු කරන්න. තමන්ගේ සේවකයින් මෙහෙකරුවන් සමග හොඳ හිත ඇති කර ගැනිමට අදිටන් කර ගත යුතුය. අනන්‍යන් පාලනය කිරිමට ගියහොත් නැති ගැටලූ මතු වේ. තමාගේ දේපල ආදායම් තත්වය රැුක ගැනිමට වෙහෙස මහන්සි විය යුතුය. පියාගේ ජන්ම පත‍්‍රය පරික්ෂා කිරිම වටි. ආගම ධර්මය කෙරෙහි විශ්වාසය අඩු විමෙන් විපත් ගෙන දිය හැකි බැවින් ධාර්මික වන්න. තම කාලත‍්‍රයාගේ සහෝදරාදින් සමග ඇගලූම්කම් අඩු වේ. ගරු නම්බු නොතකා උට්ඨාන විර්යෙන් කටයුතු කරන්න. මතු දැක්වෙන සෙනසුරු පුජාවන්හි නරත වන්න.

සිංහ

අවබෝධයෙන් උත්සහයෙන් අත්කර ගත් දැනුමෙන් ඉදිරියට යා හැකි කාලයක් සිංහ ලග්නය හිමි ඔබට ඇත. තමා දක්ෂයෙකු බව තමාම විශ්වාස කරන, මෙනෙහි කරන කාලයකි. දරුවන්ගේ කේන්ද්‍ර පරික්ෂා කරවන්න. ඉවසිලිමත්ව ඉදිරියට යා යුතුය. කෑම බීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය, සුපරික්ෂාකාරී විය යුතුය. අන් අය සමග වැඩි ඇගලූම්කම් නොදැක්විමට පෙළඹේ. දරුවන් සමග වෙනදාට වඩා ළඟින් ඇසුරු කළ යුතු කාලයකි. පෙම් සබඳතා ඇති කර ගැනීමට බලාපොරොත්තු වන අයට ඊට වෙහෙසිමට සිදු වේ. ආදර සම්බන්ධතා සහිත අපේක්ෂකයන්ගේ විවාහ කටයුතු සඵල වේ. නිවස සම්බන්ධයෙන් තිබු පිඩිත තත්වයෙන් අත් මිදේ. තමාගේ යුක්ති සහගත ගති වැඩි වේ. වෙනදාට වඩා ගේ දොර කටයුතු ගැන සැලකිලිමත් වන කාලයකි. තමාගේ කිර්තිය වර්ධනය වන අයුරින් කටයුතු කරයි. කලාත‍්‍රයාගේ ප‍්‍රබලත්වය බලවත් විම් සහ ප‍්‍රසාදය වැඩි වේ. සිංහ ලග්නය හිමි ඔබට වඩා වාසනාවන්ත කාලයක් සෙනසුරු මාරුවෙන් ඇරඹි ඇත.

කන්‍යා

නෑ හිත මිත‍්‍රාදින් හට උදව් කල ද තමාට ඔවුන්ගෙන් උදව් ලැබේය යන බලාපොරොත්තුවෙන් තොරව උදව් කිරිම යහපත් වනු ඇත. නිවසේ කටයුතුවලින් තරමක් ඇත්විමටත් හෝ නිවස තමාගේ සැනසිල්ල නැති කරවන තැනක් සේ සිතිමට පුළුවන. මවුපිය දෙදෙනාගේ ජන්ම පත‍්‍ර පරික්ෂා කර ගන්න. කාලත‍්‍රයා , දරුවන්, නිවසේ සාමාජිකයන් කෙරෙහි උපේක්ෂාශිලිව කටයතු කරන්න. අනුන්ගේ හතුරුකම් වැඩි වේය යන අනියත බියක් ඇති කර ගනි. පපුව හා පෙනහැලි ආශි‍්‍රතව රෝග වේ නම් සැලකිලිමත් වන්න. දේපොල සම්බන්ධව සුපරික්ෂාකාරිව කටයුතු කළ යුතු කාලයකි. දැසි දස්සන් සහ පිරිවර අඩු වන කාලයකි. තම නිවස තුල සතුට වර්ධනය කර ගත යුතුය. උපේක්ෂාකාරිව කටයුතු කල යුතුය. මතු දැක්වෙන ප‍්‍රතිකර්මවල නිරත වන්න.

තුලා

වසර හත හමාරක කාලයක් පිඩිතව සිටි ඔබගේ ඒරාශ්ඨක කාල වකවානුව අවසාන විමෙන් අවහිර බාධක මැඩගෙන ඉදිරියට යා හැකි කාලයක් එළඹි ඇත. විරුද්ධවාදින්ට විරුද්ධකම් කිරිමට පිටිය සකසා දි අවසානයේ ඔවුන් තමාට අවනත කර ගත හැකි වනු ඇත. තමාගේ කිර්තිය ප‍්‍රසිද්ධිය වර්ධනය වන කාලයකි. තමාගේ සහ අනන්‍යයන්ගේ රහස් සගවා නොසිට අනන්‍යන් හට කියන කාලයකි. ක්‍ෂණිකව කම්පා වුවත් එය එම හැ`ගුම්බර ගති ඉක්මනින් පහව යයි. තමාගේ අභිවෘද්ධියට අවශ්‍ය දේවල් වුව ද අනන්‍යයන්ට කැප කරන්නන්ට සිත දෙන කාලයකි. සහෝදරාදින්ට වියදම් කිරිමට කරුණු යෙදේ. දුර ගමන් යාමට ඇවිදිමට පි‍්‍රය වන කාලයකි. මහජන හිතකාමි යුක්ති සහගත කටයුතුවලින් ප‍්‍රසිද්ධියට පැමිණෙන කාලයකි.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමි ඔබගේ මෙතෙක් පැවති මානසික ව්‍යාකුලභාවය කර්කෂ ගතිය පහව යන කාලයකි. මසුරුකම් ඇති වුව ද ඉන් දියුණු විම පහසු නොවේ. දියුණු විමට නම් වෙහෙස මහන්සි නොබලා කැපවිමෙන් කටයුතු කළ යුතු වේ. සහකරුගෙන් පමණට වඩා දේ බලාපොරොත්තු විමෙන් වැලකිය යුතුය. දත් හෝ දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. ආටෝපෙට අනන්‍ය ඇසුරු කිරිමෙන් දුරස් වන කාලයකි. තමා ආඩම්බරකාරයෙකු සේ අනන්‍යයන් සිතිමට පෙළඹේ. ඉඩකඩම් ආදියෙන් වඩා වර්ධනයට ඉපයිම වර්ධනය කර ගැනිමට ඉතිරි කිරිමට වෙහෙසිමෙන් කටයුතු සාක්ෂාත් වේ. කට වරද්දවා ගත හැකි කාලයක් බැවින් වචනයෙන් ද සැලකිලිමත් විය යුතුය. තමාගේ සහෝදර හිතකාමින් සමග හිතවත්කම් තර කර ගන්න. විවාහා වු අය අනවශ්‍ය සම්බන්ධතා පැවැත්විම වැලකිය යුතුය. මතු දැක්වෙන පුජාවල නිරත වන්න.

ධනු ලග්නය

ධනු ලග්නය හිමි ඔබගේ වියදම් පක්ෂය කඩා වැටිමකට ලක් ව තිබුණ ද ශනි මාරුවෙන් එය ක‍්‍රමානුකුලව යහපත් අතට පෙරළේ. නමුත් සිතේ සැකසීම අඩුය. සිය්ලලන්ගේම ප‍්‍රශ්න තමන්ගේ හිස මත පතිත විය හැකි බැවින් තමන්ගේ නිදහස හා මානසික සහනය පිලිබඳව අවධානය යොමු කරන්න. සහෝදරයන් සමග ඇගළුම්කම් වැඩි වේ. තමාගේ හිතේ ධෛර්යයෙන් දියුණුවිමට අළුත් යමක් ඇරඹිමට සුදුසු කාලයකි. සමාජ සේවය තුළින් තමාගේ තත්වය වඩා වර්ධනය වන කාලයකි. අරමුණු හඹා යාමෙන් කටයුතු සඵල වේ. විදේශ ගමන් වාසනාව හිමිය. තම ඥානය දියුණු කර ගැනිමට වෙහෙසිය යුතුය. තමන්ගේ දරුවන්ට, කලාත‍්‍රයාට හොඳින් සලකන කාලයකි. අලස ගති අඩු වේ. මැලි නොවි අනන්‍යන්ට උදව් කිරිමට ඉදිරිපත් වේ. වචන භාවිතයේ දි පෙරට වඩා සැලකිලිමත්ව කර ගෙන යනු ලබයි. ලග්න ඒරාශ්ඨකය ගත කරන බැවින් මතු දැක්වෙන ප‍්‍රතිකර්ම වල නිරත වන්න.

මකර ලග්නය

මකර ලග්න හිමි ඔබ අවුරුදු 7.5 කට වැඩිකාලයක් ගතවන ලග්න ඒරාශ්ඨකයේ ආරම්භයට පැමිණ ඇත.ආගමට දක්වන ලැදියාව වැඩිවන කාලයකි. තනිව වාසයට පි‍්‍රයවන කාලයකි. තනිව වාසය කිරිමට පි‍්‍රයවන කාලයකි. පුජ්‍ය/ පුජක පක්ෂයේ ඇසුර පතන කාලයකි. පියාගේ කටයුතු පිළිබඳව ලෙන්ගතුව සොයා බැලිය යුතුය. පාද ආශි‍්‍රත රෝග තත්වයන් පිළිබඳ සැලකිලිමත්වන්න. රහස් සතුරන් පිළිබඳව අවධානයෙන් සිටීම යහපත් ෙවි. අරපිරිමැස්මෙන් මුදල් වියදම් කිරිමට කටයුතු කරන්න. යහපත් කි‍්‍රයාවන්ගෙන් ප‍්‍රසිද්ධියටත් ගෞරවයටත් පත් වේ. යමක් කිරිමට පෙර ඒ සම්බන්ධව සාකච්ඡුාවෙන් සම්මුතියෙන් කටයුතු කිරිම වඩා යහපත් වේ. වාසස්ථාන වෙනස් කිරිමට ද සිත් දේ. ළඟින් ඇසුරු කරන අය වෙනුවට නොදන්නා අය ආශ‍්‍රය කිරිමට ගොස් ගැටළු ඇති වේ. ඉතා උද්යෝගයෙන් සුපරික්ෂාකාරිව මෙම ඒරාශ්ඨක කාලය තුළ කටයුතු කිරිමෙන් තමා සිටියාටත් වඩා යහපත් තත්වයකට පත්විම වැළැක්විය නොහැක. මතු දැක්වෙන ප‍්‍රතිකර්මවල නිරතවන්න.

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමි ඔබට වඩා වයසින් වැඩිමහල් අයගෙන් ඔවදන් නිරතුරු ලැබෙන කාලයකි. ඒවා තමන්ගේ ප‍්‍රගමණයට හේතු වේ. තම ගුණ යහපත්කම් අන් අයගේ ප‍්‍රසාදයට ලක් වේ. අපේක්ෂා භංගත්වයෙන් තොරව කටයුතු කිරිමෙන් අපේක්ෂා සඵල කර ගත හැකි කාලයකි. ඇසුරු කරන පිරිසේ නරක අයහපත් ගති නොතකා හොඳගති ගැන සලකා හිතවත්කම් පවත්වන කාලයකි. පහසුවෙන් ලාභ ඉපයිය හැකි කාලයකි. නොයෙක් අයගේ ගති සිරිත් ගැන හොඳ අවබෝධයක් ලැබේ. උපක‍්‍රමිකව හා සියුම්ව තමාගේ සියළු ලැබිම් වඩා වර්ධනය කර ගත හැකි කාලයකි. ලැබෙන පරිදි කුඩාවට හෝ ඉතිරි කළ යුතුය. ලොකුවට ඉතිරි කරන්නට සිතුව ද එසේ සිතා සිටිම පමණක් වනු ඇත. අස්ථිර දේවල්වලට වියදම් ගෙන දිය හැක. නව හිතමිතුරන් ලෙහෙසියෙන් ඇති වුවද එම හිත මිත‍්‍රකම් වැඩිදුර නොපවති. තමාටත් වඩා පහත් අයෙගෙන් වුවද තමාට අවශ්‍ය දෙයක් වේ නම් උපක‍්‍රමිකව අත්කර ගනු ඇත.

මින ලග්නය

වෙහෙස මහන්සිය නොබලා කටයුතු කල යුතු කාලයක් ආරම්භ වි ඇත. තමා කර ගෙන ආ කර්මාන්තයන් වෘත්තින් වෙනස් කිරිමට සිත යොමු වනු ඇත. උපක‍්‍රමිකව කටයුතු නොකළහොත් තමන්ගේ රැුකියා කර්මාන්තය ද අහිමි විය හැක.තමාව පුම්බන තරමින් පිම්බෙන් නැතිව සිටිමෙන් තමාගේ තත්වය ආරක්ෂා වේ. මන්ද ඉහළට ගොස් නැවත පහළ වැටිය හැකි නිසාවෙනි. අවශ්‍ය දේට වියදම් කිරිම හැර ඉතිරි කිරිම අත්‍යවශ්‍ය නොවන සේ සිතනු ඇත. මසුරු ගති නැති වේ. දේශ දේශාන්තරවල පිට ප‍්‍රදේශවල මිතුරන් ඇත්තෙකු වේ. වියදම් කිරිමෙන්ම ආදායම් ඇති කර ගැනිමේ හැකියාව ද නැත්තේ නොවේ. දු දරුවව්ගේ ලැබිම් පිළිබඳව නොතැකිම යහපති. තමා කටයුතු කරන ප‍්‍රමාණයට වඩා මුදල් නොලැබේයැයි සිතුවත් කල්යත්ම එය පහසුවෙන් වර්ධනය වේ. සමාජ ප‍්‍රසිද්ධිය ඇති වේ. සමාජ කටයුතුවලට ඉතා යහපත් කාලයකි. ඉන් ප‍්‍රතිඵල අත් වේ. වංචනික කටයුතුවලින් දුරුවිමට සිතිමෙන් ව්‍යාපාරවල නිරත අයට යම් අහිතකර තත්වයක් ඇති වුව ද උපක‍්‍රමිකව කටයුතු කිරිමෙන් යහපත් ඵල අත් කර ගත හැක.
ඒ ඒ ලග්නවලට අදාලව මෙම පලාඵල සැකසුව ද තමාගේ ජන්ම පත‍්‍ර පරිකෂා කර ගැනිම මගින් ශනි මාරුව පිළිබඳව ඉතා නිවැරදි පලාඵලයක් ලබා ගත හැක.

පහත දැක්වෙන පුද පූජා වල නිරත වන්න.
සමීර චන්ද්‍රසිරි
ජ්‍යොතිර් විද්‍යා ගවේෂක
2017.02.07

ප්‍රතිකර්ම,

ෙසනසුරු විෂයෙහි කල යුතු යහපත්ප ප‍්‍රතිකර්මය වන්නේ දුගී මගී යාචකයන්ට, වැඩිමහළු පිරිපි අයට සත්කාර කිරීමයි. විශේෂයෙන් පාද ආශි‍්‍රතව දුර්වලතා ඇති අබ්බගාත අයට පිහිට වීම යහපති. සෙනසුරාදා උදෑසන නිරාහාරව සිට තමාගේ උදෑසන ආහාර වේල දුගියෙකුට මගියෙකුට යාචකයෙකුට අබ්බගාත අයෙකුට දීම මගින් පලදීමට නියමිත අකුසලයන් ක්ෂය වීමට හේතුයි. නුග වෘක්ෂයකට ලංවීමෙන්අපල දුරු වේ. එය සති පතා නිති පතා වන තරමට යහපත්.

ස්නානයට ඖෂධ,
කළු තල, අංජන කැට, බැවිල, වී පොරි, සතකුප්ප, ලොත්සුඹුලු තැම්බූ වතුර ස්නානය කිරීමෙන් පැය 36ක පමණ කාලයක් තම ගත සිත ප‍්‍රබෝධමත්ව පවතිනවා සේම සෙනසුරු විසින් ඇතිකරන අලස ගති දුරලීමට පහසු වන කදිම ප‍්‍රතිකර්මයකි.