ග්‍රහයින්ගේ හැසිරීම් පිළිබද ජ්‍යොතිෂ අනාවැකි වර්තමාන බටහිර භෞතික විද්‍යාවට වඩා බොහොම නිරවද්‍යයි. – අමාත්‍ය පාඨලී චම්පික රණවක

ග්‍රහයින්ගේ හැසිරීම් පිළිබද ජ්‍යොතිෂ අනාවැකි වර්තමාන බටහිර භෞතික විද්‍යාවට වඩා බොහොම නිරවද්‍යයි. – අමාත්‍ය පාඨලී චම්පික රණවක


IMG_20160620_181936_editedග්‍රහයින්ගේ හැසිරීම් පිළිබද ජ්‍යොතිෂ අනාවැකි බටහිර භෞතික විද්‍යාවට වඩා නිරවද්‍ය බව මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පල කලේ ප්‍රකට තරුණ ජ්‍යොතිශ විද්‍යා ගවේශකයෙකු වන සමීර චන්ද්‍රසිරි මහතාගේ http://www.helabimaAstro.com/ හෙළබිම   ජ්‍යොතිෂ ජාලයේ නිල වෙබ් අඩවිය අමාත්‍ය වරයා විසින් අන්තර්ජාලය වෙත මුදා හැරී අවස්ථාවේදීය.

අමාත්‍යවරයා,

කාල අවකාශ චක්‍රයේ වෙනස්කම් වලට ග්‍රහයින්ගේ පිහිටීම මත රළ ඇතිවීම්, ගැටිති , කුණාටු ඇතිවීම් සිද්ධ වෙනවා. ඒවා අපේ එදිනෙදා ජීවිත වලට බලපානවා. අවුරුදු දස දහස් ගණනක් තිස්සේ ජ්‍යොතිෂ වේදීන් හැකියාව ලබාගෙන තිබෙනවා මෙවැනි කරුණු සම්බන්ධයෙන් දැනුම් පද්ධතියක් ගොඩනගන්නට. ග්‍රහයින්ගේ හැසිරීම් පිළිබදව ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් සිදු කරන අනාවැකි වර්තමාන බටහිර භෞතික විද්‍යාවට වඩා බොහොම නිරවද්‍යයි. ඒ හේතුවෙන් මම ස්තූතිවන්ත වෙනවා සමීර චන්ද්‍රසිරි වගේ තරුණයෙකුට මේ වගේ විද්‍යාවක් විද්‍යානුකූලව සත්‍ය ගරුකව ප්‍රකාශ කරලා සමාජයට මෙහෙවරක් කිරීමට ඉදිරිපත් වීම ගැන. මොකද මිනිස්සු බය වද්දලා මුදල් ගරාගැනීමේ ව්‍යාපාරයක් හැටියට තමයි අද වන විට ජ්‍යොතිෂය පවතින්නේ.

බෞද්ධයෝ හැටියට අපි දන්නවා අපේ ඉරණම අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ජ්‍යොතිෂයට අනූව අපට යම් යම් බලපෑම් ඇති වුනත් එය වෙනස් කරගැනීමේ හැකියාව මනුෂ්‍යා සතුයි. එය තමයි බුද්ධ ධර්මයෙත් තියෙන්නේ. ඉතින් ජ්‍යොතිෂ්‍ය  අවශ්‍ය වන්නේ ඊට මග පෙන්වීමටයි. ඒ නිසා ඉරණම වෙනස් කරගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට අපට අවශ්‍යයි සිදුවෙන්නේ කුමක්ද කියලා දැනගැන්න. වටපිට තත්වය දැනගන්න. ඒ පිළිබදව නිරවද්‍ය සත්‍යගරුක මුදලට යට නොවිච්ච විග්‍රහයක් ලබාගන්න සමීර චන්ද්‍රසිරි මහතාගෙන් හැකිවෙයි කියලා මම දන්නවා. මොකද ඔහු අවංක ජාති හිතෛශී ඒ පිළිබදව කැපවුනු තරුණයෙක් හැටියට මේ කරන මෙහෙවර ඉතාම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. 

IMG_20160620_182046_edited

IMG_20160620_182100_edited

 

IMG_20160620_182004_edited

IMG_20160620_181817_edited

IMG_20160620_181906_edited