ඕම් ශ්‍රී රාවන නම:

වයස අවුරුදු 14-15 සීමාවේදී මා දැඩි ජාතිමාමකයෙකු ශාසනමාමකයෙකු බවට පත්වන්නේ දැඩි අදේව වාදියෙකු මෙන්ම ජ්‍යොතිෂ වැනි ශාස්ත්‍රයන්ගේ සත්‍යයතාවයක් නොදකින අයෙකු ලෙසය. නමුත් ක්‍රමයෙන් මා තුල වූ ජාතිමාමක හැගීම් නිසා ක්‍රමයෙන් මා හට දේශීය දැනුම් පද්ධතීන් ශාස්ත්‍රයන් තුලින් අප දේශයේ අතීත ශ්‍රී විභූතිය විරාජමානවී ඇති අයුරු අවබෝධ වන්නට විය. මේ ලොව අද්විතීය රජෙකු ලෙස ලොවම මවිත කල සිංහලයින් අතරින් සුවිශේෂී තත්වයක් දැක්වූ මහා රාවන නරේන්ද්‍රයින් විසින් ගොඩනැගූ ලංකාපුරය පමණක් නොව මහා බලි රජුගේ මහා බලි පුරය, තාරක අසුරේන්ද්‍රයාගේ තාරක පුරය ආදී ව‍ශයෙන් වූ ලක් දිව අප්‍රකට ඉතිහාස තොරතුරු පිළිබද මහත් කුතුහලයක් මා තුල ජනිත වන්නට විය. එ සමයේ මාගේ සිත් ඇදී ගිය තවත් කරුණක් නම් ගම්පොල රාජධානියේ විරාජමානව වැඩසිටින බවට සැලකෙන හෙණකද බිසෝ බණ්ඩාර දේවතාවිය පිළිබදවයි. මා විසින් මෙතුමිය දේවත්වයට පත්වීම පිළිබදව ස්වාධීන ගවේශණයක නිහඩවම නිරතවන්නට වූ අතර අවසානයේ මට වැටහුනු දෙයනම් තමා සතු සියළු ධනස්කන්ධය වැය කරමින් විහාර දේවාල නිර්මාණය කරමින් ඇය විසින් සිදුකර ඇති ශාසනික සේවය නිසා ඇය දේවත්වයට පත්ව ඇති බවයි. එමෙන්ම එතුමිය ඇතුලු තවත් බණ්ඩාරවරු 64 කට්ටුවක් ප්‍රාදේශිය පාලක ජාලයක් ක්‍රියාවට නංවමින් සම්‍යක් දෘෂ්ඨික දේව මණ්ඩලයක් ක්‍රියාත්මකව තිබී ඇති බවයි. බෞද්ධයෙකු ලෙස ස්වාධීන චින්තන නිදහස ඉතාම දැඩිව අගය කරන්නෙකු වූ මා කෙමෙන් කෙමෙන් ප්‍රකට කරුණු වලට වඩා අප්‍රකට කරුණු සාධක ‍එකිනෙක පෙලගස්වා ගනිමින් ඒවායේ සත්‍ය අසත්‍ය තාවය මාගේ බුද්ධියට ගෝචර වන අයුරින් අවබෝධ කරගන්නට වීමි.

ශ්‍රී රාවන ඉතිහාසය පිළිබදව ගවේශණ කටයුතු වල නිරත වන භික්ෂූන් වහන්සේලා, යෝගී වරුන් සහ පුද්ගලයින් සමග ගනුදෙනු කරන විට එකල පැවති ශිල්ප ශ්‍රේණි 64 ක් පිළිබද තොරතුරු දැනගන්නට ලැබිනි. ජාතිමාමකයෙකු ලෙස සැමදා දේශිය දැනුම් පද්ධතීන් සහ දේශීය ජන විඥාණය ඉතාමත් සුවිශිෂ්ඨ තත්වය තිබූ බවට වූ විශ්වාසය, මා කිසිසේත් විශ්වාස නොකල ජ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීම කෙරෙහි පෙලඹවීමට සමත් විය. මාගේ මුල්ම ජ්‍යොතිෂ ගුරුවරයා වන සමරසිංහ ඇදුරුතුමා දක්ෂ පාඨශාලාචාර්ය වරයෙකි. එතුමා ඉතාමත් දක්ෂ අන්දමින් ඔහු තුල වූ දැනුම තම ගෝල පරපුරට දායාද කල අයෙකි. එතුමන්ගෙන් මා ලද ජ්‍යොතිෂ මූලධර්ම සහ බාවිතය පිළිබද ව්‍යක්ත අවබෝධයට එතුමාගේ දක්ෂතාවය ඉතා මැනවින් මා  හට ඉවහල් වූ බව හිස නමා පිළිගනිමි. එසේ වුවද මා ඒ වන විටත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය විශ්වාස කරන තත්වයකට පත්ව සිටියේ නැත. මා තවත් ගුරුවරයෙකු කරා යාමට තීරණය කලේ එක් එක් ගුරුවරුන්ට අදාලව ජ්‍යොතිෂ සිද්ධාන්ත වල වෙනසක් ඇතිද යන්න පිළිබදව වූ කුකුස නිසාය. මාගේ දෙවන ගුරුවරයා වූයේ කෑගල්ල ප්‍රදේශයේ කෙටලවල නැමති විශ්‍රාමික ගණන් පරීක්ෂක වරයෙකි. එතුමන්ගෙන් මා නැවතත් අයන්නේ සිට ජ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නට විය. එමෙන්ම ගුරුවරුන් දෙදෙනා විසින්ම ඉගැන්වීමට යෙදුනු කරුණු එකිනෙක පටලවා නොගෙන වෙන වෙනම මනසෙහි තැන්පත් කරගතිමි. ජ්‍යොතිෂ භාවිතයෙන් පුද්ගලයන්ට පහර ගැසීමට උපන් හපන් කමක් තිබූ කෙටලවල මහතාගෙන් ලද පරිචය ද මා හට ඉතා වැදගත් එකක් විය. අනතුරුව මා මගේ කටයුත්ත ආරම්භ කලෙමි. ඒ මේ ගුරුවරුන් දෙපලගෙන් ලද ශාස්ත්‍රයේ පරස්පරතා සෙවීමය. අවසානයේ අවබෝධ වූයේ ගණිත ක්‍රම වල වෙනස්කම් හැරුනු කොට සිද්ධාන්ත වල /නියමයන්ගේ කිසිදු වෙනසක් නැති බවයි. ඉන් පසු මා වසර දෙකක පමණ කාලයක් සිදු කලේ දන්නා හදුනන අයගේ කේන්දර ඉල්ලා ගනිමින් ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අනූව ග්‍රහයින් ඔවුන්ගේ ජීවිතයට බලපෑම් කර ඇති ආකාරය ගවේශණය කිරීමයි. පුදුමයකි. එය අවසානයේදී මා මෙම ශාස්ත්‍රය කෙරෙහි වූ සැකයත් අවිශ්වාසයත් දුරලා නොසංසිදෙන පිපාසයක් ශාස්ත්‍රය කෙරෙහි ඇති කර වන්නට සමත් විය. එකල මා විසින් හදුනාගත් අධ්‍යයනය කල තවත් එක් අද්විතීය පඬිරුවනක් විය. එ් මානස ගුරුකුල අධිපති අැදුරු සරත් චන්ද්‍රයන්ය. ඔහුගේ ජ්‍යොතිෂ බාවිතාව තුල අන් කිසි ජ්‍යොතිෂවේදියෙකු තුල නොවූ ක්‍රමානුකූල බව ව්‍යක්ත බව මා හට ජ්‍යොතිෂවේදියෙකුගේ කාර්ය සහ ක්‍රියාකාරීත්වය පිළිබද මනා දැක්මක් ඇති කරවීමට සමත් වූ බව ගෞරවපූර්වකව සිහිපත් කරමි.

ලංකාවේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට පහර ගසන්නන්ගේ බහුතරය මනෝ වෛද්‍යවරු වෙති. මන්ද ඔවුන්ට ඔවුන්ගේ වෘත්තියේ පැවැත්මට මෙරට තුල ඇති ප්‍රධාන බාධකය ජ්‍යොතිෂවේදීන් වීමයි. බටහිර රටවල අඹු සැමි ආරවුලක් ඇති වුවද හනික දුවන්නේ උපදේශණය(කවුන්සලින්) සදහා මනෝ වෛද්‍යවරුන් ගේ පාමුලටය. ලංකාවේ තත්වය ඊට හාත්පස වෙනස් වන්නේ ඕනෑම කටයුත්තකදී අප රටේ මිනිසුන් බහුතරය දිව යන්නේ ජේ‍යාතිෂවේදීන්(දක්ෂ හෝ අදක්ෂ) පාමුලටය. මගේ ගවේශණයන්ට අනූව සිංහල ජන සමාජයේ මනෝ වෛද්‍යවරයා වනාහි ජ්‍යොතිෂ වේදියා නැතහොත් ගමේ නැකැත් රාළය. බටහිර මෙන් මුදල් මූලික කර නොගෙන නැකැත් රාළ සිය සේවය සැපයූවේ බුලත් අතටය. එබැවින් සංස්කෘතිය තුල ඇති මෙවැනි මෙවලම් ජාතියක විශිෂ්ඨත්වය කියා පාන කදිම සාධකයන්ය. එය රැකගැනීම සංරක්ෂණය කිරීම අප සැමගේ යුතුකමකි. ජ්‍යොතිෂය සහ එහි බාවිතය පිළිබදව මා දෙන ඉතාම කෙටි පැහැදිලි කිරීම මෙයයි,

‍ජ්‍යොතිෂ විද්‍යාව  යනු යම් ජන්මියෙකු මොහොතේ උපන් ස්ථානයට අදාල අහසේ ග්‍රහවස්තූන්ගේ පිහිටීමට අනුරූපීව ජන්මියාගේ පූර්ව කුසල අකුසල ශක්තීන් හදුනාගෙන ඒ අනූව ජන්මියාට පිං පවු පල දෙන කාල වකවානු මැන දෙන ශාස්ත්‍රයකි. අපල වලින් පැන යනු වෙනුවට අපල වලට නිසි ලෙස මුහුණදීමෙන් අපල සපල කර ගත හැක.

සමීර චන්ද්‍රසිරි
ජ්‍යොතිර් විද්‍යා ගවේශක.


 

 

  • කේන්ද‍්‍ර පරීක්ෂාව මගින් සුභ අසුභ කාලවකවානු වෙන්කර දීමට සහ එම කාල වලට මුහුණදීමට සූදානම් කරවීම.
  • සුභ නැකැත් සෑදීම.
  • පොරොන්දම් ගැලපීම.
  • නාමකරණයට අවශ්‍ය අක්ෂර ලබාදීම.
  • කේන්ද‍්‍ර සියුම්ව අධ්‍යයනය කිරීම මගින් මැණික් ප‍්‍රතිකර්ම සිදුකිරීම.

විදෙස් සේවාදායකයින්ට සහ දුර බැහැර වෙසෙන සේවාදායකයින්ට ඊමේල්, ස්කයිප්, තැපැල් මගින් සේවාවන් ලබා ගැනීමට සහ හමුවීමට පහත දුරකථන අංකයන්ගෙන් සහ ඊ-මේල් ලිපිනයෙන් විමසන්න.