ශනි මාරුවෙන් ජාතික ශාසනික පුනරුදයකට මංපෙත් විවරවෙයි ???

වසර 30කට පසු ශනි නැවතත් වෘෂ්චිකයට එළඹ ඇත. කුජ ග්‍රහයා අධිපතිත්වය දරණ වෘෂ්චිකයට ශනි ගමන් කිරීම ශනි සිය උච්ච රාශිය වන තුලාවේ ගමන් කිරීමට වඩා කල්පනාකාරී විය යුතු කාලයකි. මන්ද පසුගිව වසර දෙකහමාර පුරාවට ශනි තමන්ගේ සිතැඟි පරිදි කල් ගෙවූවද දැන් ඔහු තමන්ට සතුරු රාශියක් වන වෘෂ්චිකයේ ගමන් කිරීම සතුරන් දෙදෙනෙකු එකට විසීමක් වැනිය. නමුත් ශනිට තම සැබෑ බල පුළුවන්කාරකම් සිතැඟි ලෙස ඉටුකර ගැනීමට නම් තවත් මාස 8ක් පමන බලා සිටීමට සිදුවේ. ශනි වෘෂ්චිකයේ සතුරුව පැවතියද කටකයේ උච්චව සිටින ගුරුගේ දෘෂ්ඨිය ශනි වෙත එල්ල වන තාක් ඔහුගේ සිතැඟි පරිදි කටයුතු කර ගැනීමට නොහැක.

නමුත් මෙම තත්වය වඩ වඩාත් විමර්ෂණය කිරීමේදී කුජගේ රාශියක ශනි ගමන් කිරීමත් ඊට උච්ච ගුරුගේ දෘෂ්ඨි වැටීමත් මත යම් හෙයකින් සඟරුවනේ (පූජ්‍ය පක්ෂයේ) නායකත්වයෙන් යම් සටනක් ඇරඹුනහොත් එය භූමිපුත්‍රකාරක කුජගේ සහ මහජනයා නියෝජනය කරන ශනිගේ එකමුතුවෙන් සිදුවන සටනක් ලෙස ජයග්‍රහණය කරා පියනැඟීමට කාරක වන බව පැහැදිළිය. එබැවින් ජාතික සාසනික විප්ලවයකට අවශ්‍ය කරන ග්‍රහ පිහිටීමක් 2015 ජූලි 14 වන තෙක් පවතී. බුද්ධිගෝචරව කටයුතු කරන්නේනම් එය ජාතික ශාසනික නැගීසිටීමක මූලාරම්භය වනු ඇත. එමෙන්ම මෙම කාලසීමාව තුල ලංකා භූමියේ භූමිපුත්‍රයින් හට හානිකරන බලවේග විසින් යම් ගැටුමක් සටනක් ඇතිකරගතහොත් එය ඔවුන්ට ඉතාම අසුභදායක ලෙස බලපානු ඇත. එමනිසා එම තත්වයෙන් නිසි ඵල ලබාගැනීම හෝ නොගැනීම ගුරු ග්‍රහය‍ාගෙන් නිවේදනයවන අයවලුන් සතු වගකීමක් මෙන්න මෙම අවස්ථාව ඔවුන්ට දුලබ අවස්ථාවක් බව කිව යුතුය.

ඕනෑම අයකෙුට තමන්ගේ අටවැන්නේ සිටින ග්‍රහයින්ගෙන් සුභ ඵල නැතුවා සේම පුණ්‍යස්ථානය වන නව වැන්නේදී කිසිදු ග්‍රහයෙකු අශුභ නොකරන බව කියැවේ. එලෙස ගත් කල මීන ලගනයේ නව වැන්න වන වෘෂ්චිකයට ශනිගේ පැමිනි අතර අනෙක් සියළු ලග්න වල අය වි‍ශේෂයෙන් තමන්ගේ වෘෂ්චික රාශිය යෙදෙන භාවයේ කාරකත්වයන් පිළිබදව සිය අවධානය ‍යොමු කල යුතුය. ඒ සදහා වඩාත් සුදුසු ක්‍රමවේදය වන්නේ තමන්ට පහසු ජ්‍යොතිෂවේදියෙකුගෙන් තමන්ගේ ජන්ම කේන්ද්‍රය විග්‍රහ කර ගැනීමයි. ලග්න මත පමණක් පදනම්ව ශනි මාරුවේ ඵලයන් පිළබද නිශචිත තීරණයන්ට එලැඹෙනවාට වඩා බුද්ධිගොචරවන්නේ එයයි.

ගම්පොල කසුන් චන්ද්‍රසිරි
ජ්‍යොතිෂ විද්‍යාව සහ ශ්‍රී රාවන ඉතිහාසය පිළිබද ගවේෂක.
0715 222212