රාහු සහ කේතු සිංහ සහ කුම්භ රාශිගත වීම

රාහු සහ කේතු පිළිබඳ අර්ථ නිරූපන රාශියකි. එයින් මා වඩාත් ප්‍රිය කරනුයේ ඔවුන් දෙදෙනාගේ නෛසර්ගික සතුරු බව හඟවන අර්ථ නිරුපණයක් වෙතය. එනම් රාහු සහ කේතු යනු එක් අයෙකි. ඔවුන් දෙදෙනා දෙදෙනකු ලෙස වෙන් වන්නේ විශ්ණු දෙවියන් විසින් ක්ෂිර සාගරය කලඹා අමෘතය ගෙන එය සුරයන් වෙත ලබා දෙමින් සිටියදී සුරයන් ලෙස පෙනි සිටිමින් රාහුකේතු අමෘතය ලබාගන්නට වු අතර එය රවි චන්ද්‍ර දෙදෙනා විසින් විශ්ණු දෙවිඳුන්ට සැල කරන ලද අතර එවිට විශ්ණු දෙවිඳුන් තමා අමෘතය බෙදමින් සිටි හැන්දෙන් රාහු කේතු වෙත ගසා දැමු බවත් ඉන් ඔහු දෙකට වෙන්වී ගිය පසු කඳක් නැති හිස සහිත කොටස කේතු වු බවත් හිසක් නැති කඳ කොටස ‍රාහු වු බවත් අමෘතය පානය කල නිසා ඔවුන් අමරණීය වූ බවත් කියැවේ. එබැවින් රවි චන්ද්‍ර දෙදෙනාගේ ගතු කීම නිසා උරණ වූ රාහු කේතු සැමදා ඔවුන් කෙරෙහි වෛරය පතුරවමින් සිටී. රාහු කේතු පිළිබදව මාගේ පුද්ගලික නිගමනය නම් ඔවුන් පාපය පඩිසන් දෙවීමට සහ ‍‍ලෞකිකත්වය වනසා ලෝකෝත්තර ඥාණය වැඩිමට ,ලෝකෝත්තර දෙසට තල්ලු කිරීමට මෙම සෞරග්‍රහ මණ්ඩලයේ ජීවින්ට බලපෑම් කරන යම් ශක්තින් දෙකක් බවයි. 2017 අගෝස්තු 17 දක්වා රාහු-කේතු සිංහ සහ කුමුභ රාශි වල ගමන් කරයි

රාහු – හිසක් නැති රාහුගෙන් ඔළුවක් නැති නිමක් කොනක් නෙපෙනෙන හදිස්සිකාර අඥාණයෙකු අර්ථවත් කරයි.

කේතු – කඳක් නැති කේතු එක තැනක හිරවුණු, ලෝකෝත්තර ඥානය වඩන සුක්ෂම බුද්ධියක් සහිත වු ගුප්ත අයෙකු අර්ථවත් කරයි.

රාහු සිංහ රාශි ගත වීම –
රාහු කේතු නිතැතින් රවි චන්ද්‍ර දෙදෙනා කෙරෙහි වෛරයකින් පෙලෙන්නෙක් නම් රාහු සිංහ රාශි ගත වීම සතුරෙකුගේ නිවසට සතුරෙකුගේ ආගමනය ගැටුමක ආරම්භයයි. එම නිසා රාහුගෙන් ඇතිවන බලපෑම ඒ ඒ අයගේ ජන්ම පත්‍ර වල පිහිටීම අනුව හෝ ලග්න අනුව වෙන් වෙන් වශයෙන් විමසීම වටටී. කෙසේ වෙතත් රාජ්‍ය නායකයන්ගේ පාලකයන්ගේ අඥාණ ගති වැඩි කිරීමටත් වේගවත් කිරීමටත් රාජ්‍යයන් හි රාජ්‍යත්වය අස්ථාවර කිරීමටත් හේතුවන බව මාගේ උපකල්පනයයි. අගෝස්තු 16න් පසුව එම තත්වය වඩ‍ා වර්ධනය වනු ඇත.

කේතු කුම්භ රාශි ගත වීම –
ජීවින් ලෞකීක ජිවිත කෙරෙහි කලකීරවා ලෝකෝත්තර දෙසට තල්ලු කරන ශනි හිමි කුම්භ රාශියට එවැනිම කාර්යක් ඉෂ්ඨ සිද්ධ කරන කේතු ගේ පැමිණිම භාවනා යෝගින්ට, ලෝකෝත්තර දෙසට ගමන් කරන අයට ඉතාම ශුභ පිහිටිමක්,බලපෑමක් නියත වශයෙන්ම එල්ල කරන බව සහ මිනිසුන් ලෝකෝත්තර දෙසට නැඹුරු කරන බව මාගේ උපකල්පනයයි.
ජ්‍යෝතිෂ ගවේෂකයන්ට – රාහු/කේතු සිංහ/ කුම්භ රාශි ගතවීම ඔවුන්ගේ මුල ත්‍රිකෝන රාශි වෙත පිවිසීමක් බව ගෝපල රත්නාකරයේ දැක්වුවද එය එසේ පිළිගැනිම හෝ නොගැනිම පිළිබඳව තවදුරටත් ජ්‍යෝතිෂ ගවේශකයන් අධ්‍යනය කර සම්මුතියකට ආයුතුය.

මේෂ ලග්නය
මේෂ ලග්නය හිමි ඔබගේ රාහු 5වැන්න ටත් කේතු 11 වැන්න ටත් එළැඹිම අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි අයට තරමක් ව්‍යාකුලතාවයක් නිර්මාණය කරනු ඇත. 2016 අගෝස්තු 16න් පසු සිදුවන ගුරු මාරුවෙන් පසු ඒ තත්වය වර්ධනය විමේ අවදානමක් ඇත. දරුවන් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන්නන්ද සුපරික්ෂාකාරි විය යුතුය. එසේම ඔබගේ සුක්ෂම ඥානය භාවිතයෙන් ගුප්ත ලෙස තම ආදායම් /අයවිම්/ලැබිම්/ වඩා වර්ධනය කරගැනිමට මේෂ ලග්න හිමියන් උත්සුක විය යුතුය. ලාභාපේක්ෂිත ව්‍යාපාර එන වසර එකහමාර තුල ඇරඹිමට බලාපොරොත්තු වේනම් 2016.08.16 පෙර ඇරඹිම වටී. ශනි අශ්ඨම ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් 2017.01.26 වන තුරු ශනි පූජාවන්ගේ නිරත වන්න.

වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමි ඔබගේ සිව්වැන්නට රාහු එළැබෙන අතර කේතු 10වැන්නට පැමිනේ. මෙය ඔබගේ ගෘහ ජිවිතයේ යහපැවැත්මට තරමක් බාධා ඇතිකිරිමට හේතුවන පිහිටිමකි. නිවාස ඉදිකිරීම්/ අළුත්වැඩියා කිරිම්/වාහන මිලදි ගැනිම් ආදිය එන වසර එකහාමාර තුල කිරිමේ අවශ්‍යය තාවයක් ඇතිනම් එය අගෝස්තු 16ට පෙර සිදුකරගැනීමට උත්සුක වන්න. දෙමාපියන් නෑ හිතමිතුරන් සමග අසමගිකම් දුරලා ගෘහ ජිවිතය තුල සාමය සතුට වඩා වර්ධනය කරගැනිමට අදිටන් කරගන්න. තම වෘත්තිය තුල වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කිරීමට උත්සුක වන්න. අන්‍යයන්ගේ හොඳහිත අනුකම්පාව දිනා ගනිමින් තම වෘත්තිය කටයුතුද පවත්වාගෙන යාමට නිතැතින් කටයුතු කරන්න.

මිථුන ලග්නය
තමාගේ හොඳ හෝ නරක මත තමාගේ නම් ප්‍රසිද්ධ වන පැතිරෙන කාලයකි. එබැවින් නරක දුරලා තමාගේ යහගුණය ඔප්නැංවෙන අයුරින් ජිවත් වීමට තිර අදිටනකින් පසුවිය යුතුය. භික්ෂුන් වහන්සේලා සමග ධර්මය පිළිබඳව හැදෑරිම් වලට ධර්ම කරුණු අවබෝධයට කරණු සැලසෙන කාලයකි. ධර්ම පුස්ථක පරිශිලනයට යොමු වන්න. තම අතීත අත්දැකිම් පාදක කරගනිමින් ඉදිරි සැලසුම් සකස් කිරිමට යෝග්‍ය කාලයකි. පෙර පිනේ මහිමයෙන් තමාගේ සංසාරික නෑදෑ හිතවතුන් මුන ගැසීමට අවකාශය සැලසේ. බොහෝ විට එය පුජනීය ස්ථාන ආශ්‍රීතව සිදුවිය හැක. වන්දනා ගමන් යෑමට හිත යොමුවේ. ප්‍රදේශයේ පොදු අරමුණක් /අවශ්‍යතාවක් වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කැපකිරිමක් සිදුකිරිමේ වාසනාව උදාවේ.

කටක ලග්නය
තමාගේ වචන කටින් පිටවීමට පෙර එය ප්‍රකාශ කිරිමට යෝග්‍යද නැද්ද යන්න පිළිබඳව දෙවතාවක් සිතා වචන භාවිත කරන්න. අන්සතු මුදල් සම්පත් මත තමාගේ සැලසුම් සකස් කිරිමෙන් ප්‍රයෝජන අත්නොවේ. ඒවා තමන් විසින්ම උපයා සපයා ගැනිමට වෙහෙසිය යුතුය. අනුන්ගේ සාක්කුවට සැලසුම් ඇදිමෙන් එම සාක්කුවයි තමන්ගේ සාක්කුවයි දෙකම තමාට අහිමිවන බව තරයේ සිහි තබාගන්න. මරණ භය තුරන්වන කාලයකි. තම කලත්‍රයාගේ ලිංගික අවශ්‍යතා කෙරෙහි නොසැලකිමත් විමෙන් පැවැත්මට බාධක ගෙනෙනු ඇත. රාහු/කේතු අන්තර දශා මහා දශා ගත කරන්නන් මතු යෙදෙන පුද පිළිවෙත් සපුරන්න.

සිංහ ලග්නය
සිංහ ලග්න හිමි ඔබගේ මනස ව්‍යාකුල කරන අඥාන තින්දු තීරණ වලට ඔබව පොළඹවන කාලයක ඇරඹුමක් බව තරයේ සිහි තබාගන්න. අගෝස්තු 16න් පසු එම තත්වය වර්ධනය වනු ඇත. හිත හීක්මවා ගැනිමට කටයුතු කරන්න. තම ආත්ම විශ්වාසය බිඳ දමා නොගන්න. තම පෞර්ෂය වර්ධනය කරගැනිමට, තම කටයුතු තමා විසින්ම සිද්ධකරගන්නා අයුරු තේරැම් ගැනිමට තම සතිය(පවත්නා මොහොතේ එල්ඹගත් සිහිය) පවත්වාගෙන යාමට නිරතුරුව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර පොදු කටයුතු පිළිබඳව සැලකිලිමත් වන්න . විවාහ අපේක්ෂකයන් ඉතාමත් සුපරික්ෂාකාරි වන්න. තම අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටෙන කාලයකි. නීතිමය කටයුතු වලින් සමාජයෙන් ඈත්වන තරමට යහපත්ය. මතු දැක්වෙන පුජා සිදුකරන්න.

කන්‍යා ලග්නය
සත්පුරෂයන්ගෙන් ඇත්වීම සහ අසත්පුරැෂයන් දුර්ජනයන් ලංකරගැනීම නිසා ගැටලු හටගනි. සුරා සුදුවට මිල මුදල් වැය කරන්නට සිත් ඇතිවේ. තිර අදිටනින් එය පාලනය කරගත යුතුය. උත්සහයේ තරමට ප්‍රතිඵල නොලැබෙතැයි සිතුනද අවසානයේ අරමුණ සාක්ෂාත් කරගත හැකිවනු ඇත. ඊට අපරිමිත ධෛර්යයෙන් කටයුතු කරන්න. ආයෝජන වලට තරමක් නුසුදුසු කාලයකි . දුර දිග නොබලා කරන වියදම් වලින් තමන් සතු තැන්පත් ධනය වස්තුන ක්ෂය කර දමනු ඇත. ගුප්ත ශාස්ත්‍රයන් කෙරෙහි අධ්‍යාපනයට සිත් යෙදෙන, තම කටයුතු වලට ගුප්ත ශාස්ත්‍රයන්ගේ සහය පතන ඉන් ප්‍රයෝජන ලබන කාලයකි. ගුප්ත සුක්ෂම ක්‍රමයක් මගින් සතුරන් ඉරිසියා කාරයන් මැඩිමට පෙළබෙනු ඇත.

තුලා ලග්නය
අධ්‍යාපන කටයුතු වල නිරතවන්නන්ට පොත් පත් පරිශිලනයට, පොත් පාඩම් කිරීමට ඉතා ශුභ කාලයකි. එම නිසා තරග විභාග වලට මුහුන දිමට අපේක්ෂිත අයට විශය ඥාණය වර්ධනය කරගැනිමට ඉතා යහපත් වන නිසා ඉන් ප්‍රයෝජන ගැනිමට උපක්‍රමික විය යුතුය. ස්ථිරවම පැවති ලැබීම් අස්ථාවර වන අතර අස්ථාවර අවිනිශ්චිත ක්‍රම ඔස්සේ බලාපොරොත්තු නොවන ලැබිම් ලැබිමට හේතු වේ. තමාට පහත් මට්ටම් වල අයගෙන් ලාබ ලැබේ. මෛතුන්‍යයට සුරාවට ලොල් මිතුරන් ලංවෙනු ඇත. ඔවුන් දුරස්කර තබා ගන්න . අනුන් සතු දෑ බලෙන් හෝ තමා සතු කරගැනීමට සිත් යෙදෙන කාලයකි. තමාට වැදගත් යමක් සම්බන්ධව ඉගෙන ගැනිමට ඉදිරි වසර එකහමාර භාවිතා කරන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් 2017.01.26 වන තුරු ශනි පූජාවන්ගේ නිරත වන්න.

වෘශ්චික ලග්නය
තම නිවස කෙරෙහි කලකිරීම් වර්ධනය වීමට හේතු යෙදේ. එවැනි කලකිරිම් වලට තම සිත බිඳ දැමීමට ඉඩ නොදීමට ධෛර්යවන්ත විය හැකි නම් එම තත්වය සමනය කරගත හැකි වනු ඇත. තම ඥාති වර්ගයා කෙරෙහි සිත් කලකීරිම් ගෙනදේ. පියා සතු ධන සම්පත තමා විසින් ක්ශේෂ කර දැමීමට කරැණු යෙදිය හැකි බැවින් පියාගේ මුදල්/සම්පත් යොදවා කරන අයෝජන වලින් දුරස් වන්න. රැකියාව වෙනස්විමට හේතුයි. රැකියා ස්ථාන මාරු කිරිමට පෙර සිය වතාවක් සිතා බුද්ධි ගෝචරව කටයුතු කරන්න. රැකියා ස්ථානයේ හිත මිත්‍රාදීන් සේවකයන් සමග ආරවුල් ඇතිකර නොගන්න . රැකියා ස්ථානයේ ඉවසිම,හික්මීම වර්ධනය කරගන්න. අහංකාර ගතිය දුර්ජන ආශ්‍රය,පරදාර සේවනය ආදියට සිත්වේ නම් එවැනි හැගිම් පාලනය කර ගැනීමට අදිටන් කර ගන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් ශනි පූජාවන්ගේ නිරත වන්න.

ධනු ලග්නය
ධනු ලග්න හිමි ඔබට සහෝදර සහෝදරියන්ගේ උදව්ව උපකාර ලැබෙන කාලයකි. ආගම දහම කෙරෙහි නොසැලකිලිමත් කමින් ගැටලු මතු වේ. පෙර පිනේ මහිමයෙන් මෙතෙක් කරගෙන ආ කටයුතු, ලැබිම් ව්‍යාකුල වේ. නීතිමය කටයුතු වලට මැදිහත් වීමට සිදු වේ. තම සහෝදර සහෝදරියන් කෙරෙහි වෙනදාට වඩා ලෙන්ගතු වන්න. එවැන්නකුගේ වියෝවක් /ඈත්විමක් සිදුවිය හැකි බැවින් තම යුතුකම් මැනවින් ඉටු කරන්න. තමාගේ දෑ කඩා වඩා ගන්නා යම් සොහොයුරෙක්/ සොහොයුරියක් වේ නම් ඔහුට වඩා ලෙන්ගතු වන පිහිටීමකි. මුලික අධ්‍යාපනය ලබන වයසේ ආයගේ අධ්‍යාපන කටයුතු තරමක් අඩාල විය හැක. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් වන්න. අසල්වාසින් තම සහයට එන යම් සිදුවීමක් සිදුවිය හැකි බැවින් ඔවුන් සමග හොඳ හිත වර්ධනය කරගන්න. වෙහෙසකර ගමන් වල යෙදීමට සිදුවේ. ජීවිත ගමන තුල අතක නොවන පාඩමක් තමාට විඳ ගැනීමට, ඉගෙන ගැනීමට සිදුවන තත්වයක් මෙම ගෝචර ග්‍රහ ගමන තුල ඇති කරයි. තම පැතිරීම අඩු කරයි. මතු දැක්වෙන ග්‍රහ පුජා වල යෙදෙන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් ශනි පූජාවන්ගේ නිරත වන්න.

මකර ලග්නය
ආදායමේ හා මුල්‍ය කටයුතු වල වෙනස් කමක් ඇති වේ. පෙර ණයක් ලබාගත හැකි වනු ඇත(ඇතැම් විට පුර්ව ආත්ම ණයක් වුවද විය හැක). තම අභිමතය පරිදි කටයුතු කිරිමට දැඩි ආයාසයක් ගත යුතුය. තමාගේ රැකියා තත්වය ලැබීම් පිළිබදව අතෘප්තිකර සිතුවිලි වර්ධනය වේ. ඊට ප්‍රතිවිරුද්ධව සිතීමට පෙළඹීමෙන් එම තත්වය සමනය කරගත හැක. ජිවිත අවධානමක් සහිත සමිප ඥාතියෙකු වේ නම් ඔහු කෙරෙහි අවධානය යොමුකරන්න. එවැන්නෙකුගේ වියෝවක් සිදුවිය හැකිය. අසිමිත ලෙස ලිංගික ආශාවන් වර්ධනය විය හැකි බැවින් දැඩි පරිශ්‍රමයකින් දුර දිග බලා කටයුතු කරන්න එම පද්ධති අධික වෙහෙස කරවීම තුලින් ජනනේද්‍රයන් ආශ්‍රිතව ආබාධ ඇතිවිය හැක. මනසට නැගෙන නුසුදුසු හැගීම් ආකල්ප ඊට ප්‍රතිවිරැද්ධ ආකල්ප මගින් මැඩලිමට උත්සුක වන්න.

කුම්භ ලග්නය
මනසේ කර්කශ ස්වරෑපය වර්ධනය වේ. හිසේ උෂ්ණ ගති වැඩිවේ. සුදුසු තෙලක් හිස ගැල්විම යහපත්. තම සිතට විරුද්ධ කටයුතු වල නිරත විමට සිත් දේ නම් ඉතා ඉවසිලිවන්තව දුර දිග බලා කටයුතු කරන්න. තමාට දරාගැනිමට අපහසු බරපතල කාර්යන් වල නිරත විමට සිදුවනු ඇත. විරුද්ධවාදින් සමග ගැටුම් ඇතිවනු ඇත. නීතිමය කටයුතු වලට මැදිහත් වීමට සිදුවනු ඇත. වීවාහ අපේක්ෂකයන්ට බලාපොරොත්තු සඵල කරගත හැකි වුවද දුර දිග නොබලා එවැනි තිරණ වලට එළැඹීමෙන් අමාරුවේ වැටිය හැකිය. මංගල යෝජනා බලාපොරොත්තු වන අය විශේෂයන් කල්පනා කාරීවන්න. නුසුදුසු අයෙකුට හසුවිය හැක. හැගීම් වලට යටත් වීමෙන් රහස් සම්භන්ධතා වලට යොමුව ජිවිතයට කැළැලක් එකතුකර නොගැනිමට අදිටන් කර ගන්න. හවුල් ව්‍යාපාර වල නිරත වන්නන් වඩ වඩාත් ඉවසිලිවන්ත විය යුතුය. තමාගේ පැතිරිමට යහපත් කාලයක් වුවද එම පැතිරිම හොඳ අතට වඩා නරක අතට යොමුවිමේ ඉඩකඩ වැඩිය. මතු දැක්වෙන පුද පුජා වල නිරත වන්න.

මින ලග්නය.
වෙහෙස මහන්සිය නොබලා තම කටයුතු සිදුකරගෙන යා යුතු කාලයකි. අන් අයට පිහිටවීම තුලින් අන්‍යයන්ගෙන් ලැබීම් වඩා වර්ධනය වන කාලයකි. හුදකලාව තම ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගැනිමට සිත් වන කාලයකි. ගිලනුන්ට, මානසික රෝගීන්ට ඇප උපස්ථාන කරමින් සතුටක් ලබයි. තමාගේ මෙන්ම අන් අයගේ අඩුපාඩුකම් යහමින් දැනගැනීමට හැකි කාලයකි. පරිත්‍යාගශීලි වේ. අධ්‍යාත්මික /ලෝකෝත්තර කරුණු වලට අදාල වියදම් යෙදේ. ඥාණය වඩවන පොත් මිලදි ගැනීමට පෙලඹේ. විෂ ශරීර ගතවීම, සර්පයින්ගෙන්, විෂ සතුන්ගෙන් ප්‍රවේසම් වන්න. විවාහ ජිවිතය, ආදර සම්බන්දතා සම්බන්දව මෙතෙක් පැවති වියවුල් සමනය වේ. අවධානම් සහගත කටයුතු වල නොයෙදීමට අදිටන් කරගන්න. වාහන පදවන අය තම සිහිය පිහිටුවාගන්න. මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන් හැකිතාක් ඉන් අත් මිදෙන්න.
මා යමෙකුගේ හිත සැනසිමට පලාඵල ප්‍රකාශ කරන්නෙකු නොවන බැවින් සඳහන් කර ඇති කරුණු වල තමාට අයහපත් යමක් සඳහන් වේ නම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරිමට මනසට විධානය කරන්න.

පුද පුජා –

රාහුට –
වැටකේ පැලයක් සිටුවා එයට සත්කාර කරන්න. ලෝහ නාග රූප, ලෝහ භාජන දන් දීම ශුභයි.

ඊතන,තල,කොලොං කොළ,කලාදුරැ අල, ඇත්දත්, කස්තුරි, එළකිරි තැම්බු වතුර ස්නානය කරන්න.

අර්ධ කායං මහා වීර්යං – චන්ද්‍රාදිත්‍ය විමර්ධිනම්
සිංහිකා ගර්භ සම්භූතං – තං රාහුං ප්‍රණමාම්‍යහම්
මෙම ස්තෝත්‍රය නිතර භාවිත කරන්න.

කේතුට –
කෙසෙල් ගසකට සත්කාර කරන්න. තල,තල තෙල්,කස්තුරි, එළු ලොම් වලින් සැදු රෙදි
ලෝහ භාජන දන් දෙන්න.

ඊතන, තල කොලොං කොල,කලාදුරැ අල,කස්තුරි, එළු කිරි, තම්බා වතුර ස්නානය කරන්න.

පලාශ පුෂ්ප සංකාශං – තාරකා ග්‍රහ මස්ථකම්
රෞද්‍රං රෞද්‍රාත්මකං ඝොරං – තං කේතුං ප්‍රණමාම්‍යහම්
මෙම ස්තෝත්‍රය නිතර භාවිත කරන්න.

ජෝතිෂ විද්‍යාව සහ ශ්‍රී රාවන ඉතිහාසය පිළිබඳ ගවේශක
සමීර කසුන් චන්ද්‍රසිරි
helabimaexplorer@gmail.com
0715222212

මෙය මාගේ ගුප්ත ශාස්ත‍්‍රය පිළිබද ගුරු දේවයින්ගේ ඉල්ලීම පිට සකස් වූවක් බව දත යුතුය.