ජ්‍යොතිෂ ශාස්ත්‍රය සිය පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් වෛශ්‍යා වෘත්තියේ යොදවන චන්ද්‍රසිරි බංඩාර ලා වෙතයි…

මම පසුගිය වසර 5-6 කාල සීමාවක සිට ජ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීමට පෙළඹුනේ ම විසින් සිදු කරන ලද ශ්‍රී රාවන ඉතිහාසය පිළිබඳ ගවේශනයන්ට සමගාමී අතුරු ඵලයක් ලෙසයි. එමෙන්ම මේ වන විට ජ්‍යොතිෂ කටයුතු වල නිරත වෙමින් සම්ප්‍රදාය හැකිතාක් රැකගනිමින් කටයුතු කරන්නේ දේශීය දැනුම් පද්ධතීන්ගේ තවත් එක් වටිනා කොටසක් ලෙස මෙම ශාස්ත්‍රය තරුණ පරපුරේ අවධානයට ගෞරවයට පාත්‍ර කරවීමේ චේතනාවෙනි.
පසුගිය දිනෙක ජනාධිපතිවරණයට අදාලව පුද්ගලික රූපවාහිනී නාලිකාවක (සිරස ටීවී) පැවැත්වූ වැඩසටහනකදී (සටන) ජ්‍යොතිශවේදී/ ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර යන අය විසින් ප්‍රකාශ කිරීමට යෙදුනු ප්‍රකාශයන්ට ම විසින් ඉතාමත් ඕනෑකමින් සවන් දුනිමි. ඔහු සමග සංවාදයේ යෙදීමට එම වැඩසටහනට ඉන්දික තොටවත්ත මහතා සහ තවත් ජ්‍යොතිෂවේදීන් දෙපලක් එම වැඩසටහනට සම්බන්ධවී සිටි අතර එම වැඩසටහනේදී මධ්‍යස්ථලෙසත් ජ්‍යොතිෂ විද්‍යානුකූලවත් සංවායේ යෙදුනේ ඉන්දික තොටවත්ත මහතා පමණක් වන බව කිව යුතුය.
චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පෙනී සිටින්නේ ජ්‍යොතිෂවේදියෙකු ලෙසයි. එසේනම් ඔහුට ජ්‍යොතිෂ ශාස්ත්‍රයේත් ශාස්ත්‍රයේ නියුතු අන් අය‍ගේත් සම්ප්‍රදායේත් ගෞරවය රැකීමට යුතුකමක් සේම වගකීමක්ද තිබිය යුතුය. ඒ කෙසේවෙතත් ඔහු ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පරාද වන්නේ නම් ඔහු වෙඩි තබාගන්නා බවයි. ඔහුගේ ජ්‍යොතිෂ විග්‍රහය දෙස බලාසිටීමේදී ඔහු විසින් ජ්‍යොතිෂ විද්‍යාව දඩමීමා කරගෙන තමන්ගේ පුද්ගලික අභිලාශයන් මුදුන්පත් කර ගැනීමටත් තමන්ගේ පුද්ගලික මතය ජනගත කිරීමටත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය වෛශ්‍ය‍ො වෘත්තියේ යෙදවූ බව කිව යුතුය.
එමෙන්ම එම අවස්ථාවේ අදහස් දැක්වූ ඉන්දික තොටවත්ත මහතා ඉතාමත් මධ්‍යස්ථ විග්‍රහයක් ඉදිරිපත් කල අතර මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණ සමය යහපත් නොවන බවත් මැතිවරණයෙන් ජයගැනීමට වඩා වැඩි සම්භාවිතාවක් ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් පවසන ලදි. ජ්‍යොතිෂ වේදියෙකු ලෙස වඩා හරවත් වැදගත් විග්‍රයහ එම අවස්ථාවේ ඉදිරිපත් කරන්නට යෙදුනේ ඉන්දික තොටවත්ත මහතා විසින් බව ගෞරවයෙන් සඳහන් කල යුතුය.
ජනපතිවරණය පදනම් කරගෙන මවිසින් කිසිදු අනාවැකියක් පල නොකලද ශනි මාරුව සම්බන්ධව මවිසින් ඉදිරිපත් කල ජ්‍යොතිෂ විග්‍රහයේදී ගුරු ග්‍රහයා නියෝජනය කරන සඟරුවෙන් නායක්වෙයන් ලබන ජූලි 14 දක්වා අැතිවන යම් දෑහිතකාමී සටනක් වෙතොත් එය ජයගන්නා බව පැහැදිළිවම ප්‍රකාශ කල අතර මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක කරවීමේ මහ මොල කරු අන් කවුරුවත් නොව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බව දැනගත් විට සිදුවන්නට යන වෙනසට අදාල මාගේ මැදිහත් ‍කුළුඳුල් ජ්‍යොතිෂ අනාවැකිය පිළිබඳ සාර්ථකත්වය නිහතමානීව දුටිමි. (අදාල ලිපියට අදාල දිගුව ලිපිය අවසානයෙන්)
ඒ කෙසේ වුවද ජ්‍යොතිෂවේදීන් ලෙස කිසිවෙකුට ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ නාමයෙන් තමන්ගේ පුද්ගල අරමුණු මුදුන්පත් කරගැනීමට කිසිදු අයිතියක් නොමැත. එබැවින් චන්ද්‍රසිරි බංඩාර මහතා මෙවැනි නිහීන ක්‍රියාවන් මින් ඉදිරියට සිදු නොකරන බවටත් සිදු කල අකටයුත්තට ජ්‍යොතිෂ ලැදි සියල්ලන්ගෙන් පමණක් නොව ශාස්ත්‍රය යොදාගෙන කල අශීලාචාර කටයුත්ත පිළිබඳව සමස්ථ ජාතිෙයන් සමාව ඉල්ලා සිටිය යුතුය. එසේම එය චන්ද්‍රසිරි බණ්ඩාර මග ගිය අන් ජ්‍යොතිෂවේදීන් යැයි කියාගන්නා ශාස්ත්‍ර විලෝපිකයන්ටද අදාල බව අවධාරණය කල යුතුය.
ජ්‍යොතිෂ විද්‍යා ගවේශක කසුන් චන්ද්‍රසිරි
හෙළබිම ජ්‍යොතිෂ ආයතනය.
2015.01.13
දුර- 0715 222212